දරු ප්‍රසූතියට රෝහල්ගත කළ බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට පැමිණි සැමියා යතුරුපැදි අනතුරින් මරුට!

1180

දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කළ තම බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට යාපනයට පැමිණි ස්වාමිපුරුෂයෙකු රෝහලේ සිට නිවසට පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව 30 දා මියගොස් තිබේ.

ෂන්මුගම් ප්‍රකාෂ් නමැති මොහු මීට වසර එකහමාරකට ඉහතදී විවාහ වී ඇති අතර බිරිඳ ප්‍රංශයට ගෙන්වා ගන්නාතුරු ඔහු ප්‍රංශයේ පදිංචිව සිට ඇත.

දරු ප්‍රසූතිය සඳහා බිරිඳ රෝහල් ගත කොට ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු යාපනයට පැමිණ චාවකච්චේරී රෝහලේ සිටි බිරිඳ බලා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීමෙන් ඔහු මරුමුවට පත්ව තිබේ.

අනතුරට පත් වූ අනෙක් යතුරුපැදිය පැද වූ තැනැත්තාද බරපතළ තුවාල ලබා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment