මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල , පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් දක්වා ඇත්තේ වග උත්තරකර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා පත්කරන ලද බවය.
පසුව ඔහු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව
තමා තොරතුරු දැනගැනීමේ වන යටතේ ඉල්ලීමක් කර තහවුරු කරගත් බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු පවසයි.
ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සන්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සුදුසුකමක් නොමැති බවත් අදාළ පෙත්සසම මගින් පෙන්වා දී තිබේ.