මහරගම මධ්‍ය මහා විද්‍යාලය රග්බි ශූරයන් වෙයි

10

කොළඹ හැව්ලොක් පාර්ක්හි පැවති තියුණු ගැටුමකින් පසු, මහරගම මැදි විද්‍යාලය ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය පරාජය කරමින් 2025 සභාපති කුසලානයේ ශූරයන් බවට පත්විය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකයා ලෙස මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ වෙනුෂා නිම්සර සම්මාන ලැබිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට මහරගම මැදි විද්‍යාලය සභාපති කුසලාන තරගාවලියට සහභාගි වී එම තරගාවලියේ අතිශය ප්‍රථම වතාවට සභාපති කුසලාන ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබීම සුවිශේෂය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් පාසලේ ගරුතර සංඝරත්නයට, විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පති, ගුරු මණ්ඩල, ක්‍රීඩා අංශ ප්‍රධාන, ක්‍රීඩා භාර ආචාර්ය, රග්බි ක්‍රීඩා භාර ආචාර්ය, ආදී ශිෂ්‍යයන් සහ ආදී ශිෂ්‍යයාවන්, අප වෙත අනුග්‍රාහකත්වය දැක්වූවන්ටද, ස්තුති කරන බව පාසල් කණ්ඩායමේ පුහුණුකරු නිවේදනය කරයි. සේයාරුවේ දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමයි.


advertistmentadvertistment