අළු බඳුනේ මුල් සටනේ ලෝක ශූර නම රැඳුණේ

213

පැට් කමින්ස් හා නේදන් ලයන් 9 වැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ නොබිඳුණු ලකුණු 55 ක සම්බන්ධතාවය හේතුවෙන් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ලෝක ශූර ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත් වූයේය.

එංගලන්තයට එරෙහිව එංගලන්තයේ බර්මිංහැම්හි පැවැති එම තරගයේදී කඩුලු 2 ක තියුණු ජයක් ඔස්ටේ්‍රලියාවට හිමිවූ අතර 2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවයේ ශූරයන් ලෙස පසුගිය 11 වැනිදා ලද ජයග්‍රහණයෙන් අනතුරුව දින දහයකටත් අඩු කාලයකදී ඔස්ටේ්‍රලියාව මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේ දී ලකුණු 281 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ටේ්‍රලියාව තරගයේ 4 වන දින අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 107 ක් ලබා සිටි අතර පෙරේදා දිනයේදී තවත් කඩුලු 5ක් දැවී ඔවුහු ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියහ.

පළමු ඉනිමේ ශතකයක් සහ දෙවෙනි ඉනිමේ ලකුණු 65 ක් ලබා ගනිමින් ඔස්ටේ්‍රලියාවට ජය මාවත විවර කළ උස්මාන් කවාජා තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත් අතර තරග 5 කින් යුතු තරගාවලියේ මීළඟ තරගය ලබන 28 වැනිදා පැවැත්වේ.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම 393/8

ඔස්ටේ්‍රලියාව පළමු ඉනිම 386/10

එංගලන්තය දෙවැනි ඉනිම 273/10

ඔස්ටේ්‍රලියාව දෙවෙනි ඉනිම 282/8

advertistmentadvertistment
advertistmentadvertistment