මහ ඡන්දය නිමවූ සැණින් පුංචි ඡන්දයට දින නියම කරනවා – මැ.කො.ස. කියයි

175

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුකූල වෙමින් පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වූ වහාම හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළද ඉකුත් 21 වැනිදා තේරී පත්වූ නව ජනපතිවරයා විසින් 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයට දින නියම කළ බවද එම නිසා එම ඡන්ද විමසීම අවසන්වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද සභාපතිවරයා කියයි.

රනිල් ධර්මසේන


advertistmentadvertistment