වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
එසේම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක්ද වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී ද මි.මීත 75-700ක් අතර වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.
සුජීව තත්සර