මහ බැංකු සේවක ඊපීඑෆ් පොලිය හෙල්ලෙයි

2026

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල සඳහා භාණ්ඩාගාර බිල්පත් මත පොලිය ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට එම අරමුදල උපයන මුදල අනුව ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයට ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම නව ක්‍රමවේදය මේ වසරේ (2024) සිට ක්‍රියාත්මක වන බවද හෙතෙම කියයි.

කෙසේ වෙතත් ගිය වසරේ (2023) දී පැරණි ක්‍රමවේදය අනුව ප්‍රතිලාභ ගෙවීම නිසා මහ බැංකු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල සඳහා සියයට 19.8ක පොලියක් ගෙවා තිබේ.

මේ අනුව ඉදිරියට මහ බැංකු සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ද ප්‍රතිලාභ ලබාදෙන්නේ එම අර්ථසාධක අරමුදල උපයන මුදල ප්‍රතිලාභ වශයෙන් ලබාදීමෙන් බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ඒ ගැන කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කියයි. වර්ෂ 1994 ඉඳන් තිබුණු ක්‍රමවේදය අනුව මහ බැංකු අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයක් තිබුණා. එනම් භාණ්ඩාගාර බිල්පත්වල අන්තිමට තිබුණු ප්‍රතිශතය ප්‍රතිලාභ වශයෙන් ගෙවන්න ඕන කියන එකයි. ඒක පසුගිය කාලේ වැඩිවූ නිසා මහ බැංකු පාලක මණ්ඩලය විසින් ප්‍රතිලාභ ගෙවන ප්‍රතිශතය වෙනස් කරා. දැන් මහ බැංකු අර්ථසාධක අරමුදල උපයන මුදල තමයි ප්‍රතිලාභ වශයෙන් බෙදාහරින්නේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment