මහ වැස්සෙන් මුම්බායි නගරය යට වෙයි

89

ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි නගරයේ අලුතින් විවෘත වූ උමං දුම්රිය ස්ථානය ඇතුළු වැදගත් ස්ථාන ගණනාවක්ම මෙම දිනවල එම නගරයට ඇද හැළෙන ධාරාණිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් යට වී තිබේ. මෙම මස තුළ මේ දක්වා කාලය තුළ මුම්බායි නගරයට ඇදහැළී තිබෙන මිලි මීටර් 400කට අධික වර්ෂාපතනය හේතුවෙන් නගරයේ මාර්ග ජලාශ බවට පත්ව ඇති අතර මහා මාර්ගවල ගමන් කරන්නන්ගේ දණහිස දක්වා වූ ප්‍රමාණයක ජල ගැලීම් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මුම්බායි නගරයට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමෙන් ඇද හැළෙන වර්ෂාව වර්ධනය වී ඇති නිසා එමගින් ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.


advertistmentadvertistment