ඇමරිකානු සමාගමක් ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කෙක් හදයි

748

මැටෙල් කෙළිබඩු සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කෙක් නිකුත් කර ඇත.

සම්ප්‍රදායික බාර්බි බෝනික්කන් සැබෑ කාන්තාවන් නිරූපණය නොකරන බවට, එක්සත් ජනපදයේ මෙම දැවැන්ත කෙළිබඩු නිෂ්පාදන සමාගම මීට පෙර විවේචනවලටද මුහුණ දී තිබිණි. මෑත වසරවල දී එම සමාගම ශ්‍රවණාධාරයක්, කෘත්‍රිම පාදයක් සහ රෝද පුටුවක් සහිත බෝනික්කන් නිර්මාණය කර තිබුණු බව බීබීසී වෙබ් අඩවිය කියයි.

මැටෙල් සමාගමේ ඉලක්කය වී ඇත්තේ ‘බාර්බි බෝනික්කන් තුළින් සියලුම දරුවන්ට තමන්ව දැකීම’ මෙන්ම ‘තමන් මෙන් නොපෙනෙන බෝනික්කන් දරුවන් සමග සෙල්ලම් කරනු’ දැකීම ය. බි්‍රතාන්‍ය නිරූපිකාවක වන එලී ගෝල්ඩ්ස්ටයින් පැවසුවේ මෙම නව බාර්බි බෝනික්කා දුටු විට තමා සතුටින් ඉපිලී ගිය බවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment