මාර්කෝ පෝලෝ එදා දුටු ලංකාව

865

මීළඟට මම ඔබට සිංහල (සෙයිලාන්) නම් දිවයිනක් ගැන කියමි. අන්දමන් දූපත්වල සිට වයඹ බලා සැතපුම් දාහක් පමණ යාත්‍රා කළ තැන සිංහල දිවයිනට සම්ප්‍රාප්ත වේ. ලෝකයේ තිබෙන මේ ප්‍රමාණයේ දිවයින් අතර තිබෙන ඉතා මත් සුන්දර දිවයින මෙයයි.

“මෙහි වට ප්‍රමාණය සැතපුම් 2400 කි. එහෙත් පෙර මෙහි වට ප්‍රමාණය සැතපුම් 3600ක් වූ බව ඒ පැත්තේ මුහුදු සංචාරකයන් ගේ සටහන්වලට අනුව පෙනේ. මුහුදින් හමන උත්තර මාරුතය මේ දිවයිනට කොතරම් ප්‍රචණ්ඩව වැදේද යත් දිවයිනේ විශාල ප්‍රදේශයක් මුදට යටවී ගොස් ඇත.

නවීන යුගයේ ලෝකයෙහි මුළු ලොවට ම සාධාරණව පවත්නා ලෞකික සංස්කෘතියක් ඇත්තේය. ලෝකයේ විවිධ දේශ අතර පැවැති විෂමතා නැතිකොට නවීන ලෝකයේ රටවල් අතර සබඳතා ඇතිකොට ලෝකය පිළිබඳ හැඟීම් ඇතිකිරීමෙහිලා ප්‍රධාන වූයේ දේශාටනයේ යෙදුණු තැනැත්තෝ වෙති.

මාර්කෝ පෝලෝ එදා දුටු ලංකාව

දහතුන්වැනි ශතවර්ෂයේදී ලංකාවට පැමිණි මාර්කෝ පෝලෝ එවැනි දේශාටකයන්ගෙන් ඉතා ප්‍රසිද්ධ තැනත්තෙකි.

මාර්කෝ පෝලෝගේ ජීවිත කථාවත් ඔහු විසින් කරන ලද ලංකා විස්තරයත් මේ ලිපියෙන් කියැවේ.

මුහුදින් සැතපුම් දහස් ගණනක් නැඟෙනහිර රටවල සැරිසරා ක්‍රිස්තු වර්ෂ 1295 දී පමණ සිය ගමරට වන වැනිස් නුවරට ආපසු ගිය මාර්කෝ පෝලෝ ඈත පෙරදිග රටවල ශ්‍රී විභූතිය පිළිබඳ ආශ්චර්යාවහ කථා කියන්නකු වශයෙන් මහත් ප්‍රසිද්ධියට පත්විය.

අවුරුදු විසිපහක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ කළ විදේශාටනයෙන් පසුව පෝලෝ සිය පියාත් සමඟ වැනීසියට ගියදා පටන් ඔහුගේ අද්භූත ජනක කථා ඇසීමට මිනිස්සු දහස් ගණනින් රොක්වන්නට වූහ.

එතෙක් යුරෝපයේ මිනිසුන්ට අමුතු ලොවක්ව පැවැති ප්‍රාචීන දිග් රටවල් පිළිබඳ ඔහු කී අද්භූත ජනක වෘත්තාන්ත අගණිත ධන ධාන්‍ය හා අපූරු පුද්ගලයන් චාරිත්‍ර විධි අලලා ගෙතූ විස්තර වැනීසියේ සිට ගොඩ බිමින් චීනය දක්වා ගොස් චීනයේ සිට පැසිපික් හා ඉන්දියන් සාගර හරහා වැනීසියට එනතෙක් වින්ද ත්‍රාසජනක අත්දැකීම් එකල මධ්‍යම යුරෝපයේ මිනිසුන්ගේ සිත් තුළ කෙතරම් කැළඹීමක් ඇති කළාද යත් ‘නව ලෝකය’ සොයා ගැනීමෙන් අවසන්වූ කොළම්බස්ගේ දේශාටනය ද එහි ප්‍රතිඵලයක් වශයෙන් සලකනු ලැබේ.

පෝලෝ ආපසු පැමිණ අවුරුද්දක් යන්නටත් පෙර ජිනෝවා වැනිස් යුද්ධ හමුදා අතර ඇතිවූ ඝට්ටනයක් නිසා පෝලෝ ජිනෝවා ආණ්ඩුව මගින් සිරගෙයක ලනු ලැබීය.

අටන

සිරගෙය මාර්කෝ පෝලෝ ගේ විස්මය ජනක කථා ඇසිය හැකි කථා මණ්ඩපයක් බවට පරිවර්තනය විය. හිරෙන් නිදහස්වී ගියවුන් මාර්කෝ ගේ අරුම පුදුම කතන්දර මධ්‍යම යුරෝපයේ පුරා ම පතුරවමින් ගිය අතර විදේශාටනට පිළිබඳ විස්තර කියන ලෙස ඉල්ලා සිටින අයගේ කන්දොස්කිරියාවෙන් ගැළවිය නොහැකිව වෙහෙසට පත්වී සිටි ඔහුට ප්‍රතිකර්මයක් කල්පනා විය.

පෝලෝ රිචෙලෝ නමැති අද්භූත කථා ලියන්නකු සමඟ මිත්‍ර විය. රිචෙලෝ ද සිරකරුවෙකි. පෝලෝ, දක්ෂතා කතාරචකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ව සිටි රිචෙලෝගේ මාර්ගයෙන් ඔහුගේ විදේශාටනය පිළිබඳ විස්තර ග්‍රන්ථා රූඪ කළේය.

විශ්මයෙන් මූඨව අසා සිටින සිරකරු සගයන් පිරිවරා ගත් පොලෝ රිචලෝට තමාගේ ගමන් විස්තරය කියාපාන්නට පටන් ගත්තේය. මාර්කෝ පෝලෝ ගේ ගමන් විස්තරයට අනුව ලංකාව ගැන ඔහු කී දේ පමණක් මෙහි දක්වනු ලැබේ.

මීළඟට මම ඔබට සිංහල (සෙයිලාන්) නම් දිවයිනක් ගැන කියමි. අන්දමන් දූපත්වල සිට වයඹ බලා සැතපුම් දාහක් පමණ යාත්‍රා කළ තැන සිංහල දිවයිනට සම්ප්‍රාප්ත වේ. ලෝකයේ තිබෙන මේ ප්‍රමාණයේ දිවයින් අතර තිබෙන ඉතා මත් සුන්දර දිවයින මෙයයි.

සෙයිලාන්

“මෙහි වට ප්‍රමාණය සැතපුම් 2400 කි. එහෙත් පෙර මෙහි වට ප්‍රමාණය සැතපුම් 3600ක් වූ බව ඒ පැත්තේ මුහුදු සංචාරකයන් ගේ සටහන්වලට අනුව පෙනේ. මුහුදින් හමන උත්තර මාරුතය මේ දිවයිනට කොතරම් ප්‍රචණ්ඩව වැදේද යත් දිවයිනේ විශාල ප්‍රදේශයක් මුදට යටවී ගොස් ඇත.

“සෙයිලාන්”

පෙර තිබුණට වඩා දැන් කුඩා වීමට හේතුව මෙයයි. උත්තර මාරුතය දිවයිනට හමා එන ප්‍රදේශය කෙතරම් සමතලා පහත් බිමක් ද යත් මුහුදෙන් යාත්‍රා කරන්නකුට දිවයිනේ තීරයට එන තාක්ම එය නොපෙනන බව ඔබ දැනගත යුතුය.”

මේ විස්තරයට අනුව මාර්කෝ පෝලෝට ලංකාව එහි නියම ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාලව පෙනෙණු බව කිව හැක. ලංකාව මෙය නිමය භූමි ප්‍රමාණයට වඩා විශාල ලෙස සඳහන් කළේ ඔහු පමණක් නොවේ. ඊට පෙර ලංකාවට ආ අරාබි වෙළෙන්දන්ගේ ගණන මිමි මීට වඩා නොදෙවෙනිය. හියුන්ත්සාං නමැති චීන වන්දනාකරුවා පවා ලංකාව වටා ‘ලී’ 7000ක දුරක් සැතැපුම් 1400ක් ඇති බව සඳහන් කළේය. ලංකාවේ නියම වට ප්‍රමාණය සැතපුම් 700 කටත් වඩා අඩුය.

ආගම

“ඔවුන්ට (ලක්වැසියන්ට) කිසිවකුට යටත් නැති සෙන් දෙමායින් නමැති රජෙක් ඇත.

රටේ මිනිස්සු රූප, ප්‍රතිමා වඳින්නෝය. ශරීරයේ මැද භාගය වැසනෙ ඇඳුමක් හැරෙන විට ඔවුහු නග්න ශරීරව හැසිරෙති. ඔවුන්ට තිරිඟු නැත. හාල් තිබේ.

ඔවුහු අබවලින් තෙල්පෙරා ගනිති. මස් හා මාළු ආහාර පිණිස ගන්නා ඔවුහු මා පෙර දීත් විස්තර කළාමෙන් ගස්වලින් ගන්නා වයින් වර්ගයක් (රා) පානය කරති. ලෝකයේ ඉතාමත් හොඳ පතඟි ලී (Sapan wood) ඔවුන්ට තිබේ.

මාර්කෝ පෝලෝ ලංකාවට එන අවධියේ මෙහි රජ කළේ දඹදෙණිපුර තුන්වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාය. (1267, 1301) එහෙත් පෝලෝ ඔහු ගැන ඇසූ බවක් නෙපෙනේ. ඔහු කියන සෙන්දෙමායින් රජු තුන්වැනි පැරකුම්බාවන්ගේ සමයේ දී ලංකාව ආක්‍රමණය කළ ජාවක චන්ද්‍රභාන් නම් අධිපතියා වියහැකි යැයි එමර්සන් ටෙනන්ට් මහතා කියන අතර, සෙන් දෙමායින් යනු එකල උතුරේ රජ කළ ද්‍රවිඩ රජකු වන්නට පුළුවන් බව සමහරු කියති.

“දැන් මම මේ විස්තරය නවත්වා මෙලොව තිබෙන ඉතාමත් වටිනා වස්තුව ගැන කියමි. මේ දිවයිනේ රතු කැට (පද්මරාග) තිබෙන බව දැන ගත යුතුය. මේ දිවයිනෙන් හැර ලෝකයේ වෙන කිසිම රටකින් රතු කැට සොයාගත නොහැක. නිල්මිණි ද පුෂ්පරාග ද තවත් අගනා මැණික් ගල් වර්ග ද එමට තිබේ.

රතුමිණ

“ලෝකයේ ඇති අති විශාල වූත් අනර්ගතමවූත් රතු කැටය මේ දිවයිනේ රජුට හිමිය. එය කෙබඳු දැයි කියතොත් අල්ලක් පමණ දිගය. මිනිස් බාහුවක් තරම් ඝනය. පොළොව මතුපිට ඇති අතිශය කාන්තිමත් වස්තුව එයයි. ගිනිමෙන් රතු එහි කිසි කැළලක් නැත. එහි වටිනාකම කොතෙක්ද? මුදල්වලින් එහි වටිනාකම කිව නොහැක.

“මේ මහාර්ඝ මාණික්‍ය රජුගෙන් ඉල්ලා මහාඛාන්තුමා විසින් දූත පිරිසක් ද එවනු ලැබීය. තමාට එය විකුණුහොත් මෙය තමාට කරන මහත් සම්මානයක් ලෙස සලකන බවත් එහි මිල වශයෙන් සම්පූර්ණ නගරයක් හෝ රජු ඉල්ලන වෙන ඕනෑම දෙයක් දෙනු බවත් ඔහු කියා එවීය. මගේ මුතුන් මිත්තන්ගෙන් හිමිවූ මේ මාණික්‍යය කිසිසේත් නොවිකුණමියි රජු ඛාන්තුමාට කියා යැවීය.

‘සිංහල රටේ මිනිස්සු දක්ෂ යුද භටයෝ නෙවෙති. ඔවුහු බියසුලු කම්මැලි මනුෂ්‍ය වර්ගයකි. යුද්ධ භටයන් වුවමනා වූවිට ඔවුහු අරාබි සොල්දාදුවන් ගෙන්වා ගනිති.

“මේ දිවයිනෙහි මා කියන හේතුව නිසා නොවේ නම් කිසිවකුට ආරෝහණය කළ නොහැකි ඍජුව විහිදෙන ශිඛරයන්ගෙන් යුත් ඉතා උස් කන්දක් තිබේ. මේ කඳු ශිඛරයෙහි එල්ලා තිබෙන යකඩ දම්වැල්වල ආධාරයෙන් ගිරි ශිඛරයේ ඉස්මත්තට කෙනකුට නැඟිය හැක.

මේ ගිරි ශිඛරය මත සමහර ආදම්ගේ වාසස්ථානය පිහිටා ඇති බව කියති. නොහොත් අරාබි ජාතිකයන් මෙය ආදම්ගේ වාසභනය වූ බව කියන අතර ප්‍රතිමා වන්දනා කරන මේ රටේ මිනිස්සු එහි ඇත්තේ (ශාඛ්‍යමුනි බුදුන් වහන්සේගේ?) ශ්‍රී පාදයයි කියති.

මේ ශාඛ්‍ය වනාහි පිළියක් ස්වරූපයෙන් පිළිබිඹුවූ ප්‍රථම මනුෂ්‍යයා ය. මක්නිසා ද යත් ඔවුන් අතර ජීවත්වූ අතිඋත්කෘෂ්ට මනුෂ්‍යයා ඔහුය. ඔවුන් විසින් සාන්තුවරයකු වශයෙන් සලකනු ලැබූ පළමු වැන්නාත් ඔහුය. ඔහු සිහි කිරීමට ඔවුහු ප්‍රථමයෙන්ම පිළිමයක් තැනූහ.

බුදුහිමි

ඔහු වනාභිධනයෙන් ආධ්‍යවූ බලසම්පන්න රජකුගේ පුතෙකි. එහෙත් මේ රාජකීය තරුණයාට කෙතරම් භක්තිමත් සිතක් තිබුණා ද යත් ලෞකික සම්පතක් ගැන ඇලුම් නොකළ ඔහු රජකම පවා අපේක්ෂා නොකළේය. මේ තරුණයා ලෞකික සම්පත් හෝ රාජ්‍ය ප්‍රාප්තිය අපේක්ෂා නොකරන බව රජතුමා ඇසූ පසු ඉතා පසුතැවිල්ලට පැමිණුනේය. ඒනිසා ඔහු පුත්‍රයාට කැමැති සම්පතක් දීමට සිතා ගත්තේය. “මම ඔබ මේ රටේ රජු වශයෙන් ඔටුණු පළන්දා. ඔබේ අභිප්‍රාය පරිදි රට කිරීමට ඉඩ හරිමි කීය. මට මේ කිසිවක් එපා යැයි පුතා කීය. පුතා කිසි ලෞකික සම්පතක් අපේක්ෂා නොකළේය.

මාගම් තෙන්නකෝන්
(ලේඛකයා 1961 දී ලියන ලද්දකි.)
සංරක්ෂිත ලේඛන – නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment