මාස අටකට පෙර මියගිය කෝටිපතියාගේ මරණය ඝාතනයක්- සැකකාර බිරිඳ සහ සේවකයා රිමාන්ඞ්

500

නහරයක් පුපුරා යෑමෙන් හදිසියේ මරණයට පත්වූ මීගමුවේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයකුව සිටි ඩබ්ලිව්. එස්. සලින්ද්‍ර ප‍්‍රියදර්ශන (58* මහතාගේ මරණය ස්වභාවික මරණයක් යැයි පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබියදී පසුව එම මෘත දේහය

ගොඩගෙන දෙවන වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ ප‍්‍රතිඵල ලැබීමට පෙර මරණකරුගේ බිරිඳ සහ සේවකයා ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්බන්ධ යැයි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කිරීම නීති විරෝධී යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

මෙම සිද්ධියේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැනට මාස 8කට පමණ පෙර හදිසියේ මරණයට පත්විය. එහි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එය මොළයේ නහර පුපුරා යෑමකින් සිදුවූ ස්වභාවික මරණයක් බවට නිගමනය කර සිරුර මිහිදන් කළේය. ඊට මාස 8 කට පසු ලද පැමිණිලි අනුව ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගෙන දෙවන වරට පශ්චාත් මරණ පරීක්‍ෂණයට යවන ලදී. පසුව එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැකපිට ඔහුගේ බිරිඳ චන්ද්‍රා පුන්‍යා අතුකෝරළ (52* සහ සේවක මුත්තුසාමි පලනියන්ඩි (50* නමැත්තත් මීගමුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කරන ලදී.

එහෙත් මේ දක්වා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වී නොමැත. මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිලන්ත වලලියැද්ද මහතා මෙම මෘත දේහය මිහිදන් කිරීමෙන් අනතුරුව වෙනස්කම් රැුසක් සිදුව ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ඒ අනූව දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට කැඳවන ලෙසට මීගමුව පොලිසියට නියෝග කර වැඩිදුර විභාගය ජූලි මස 27 වෙනි දිනට නියම කර එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඞ් භාරයේ රැුඳවීමට නියෝග කළාය.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අමල් රන්දෙණිය, ශාන්ත කිරිඇල්ල, රවීන්ද්‍ර ප‍්‍රනාන්දු, සුරාජ් ජයමාන්න, ප‍්‍රසාද් සිල්වා

චමින්ද ලන්සා මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක, උප පොලිස් පරීක්‍ෂක රෝහණ, සැරයන් බණ්ඩාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment