මාස 5 ක පමණ කාලයක් තුළ රුපියල් බිලියන 500 ක මුදලක් වැයකර මෙරටට ආහාර ආනයනය කිරීමට හැකිනම් මැතිවරණයක් පැවැත්වීමට රජයට නොහැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (28) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළකරමින්ය.
රටේ සියලු පුරවැසියන් එක හා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත්විය යුතු බවත් කුමන ආකාරයට හා කුමන අවස්ථාවක දේශපාලන බලය බෙදෙනවා ද යන්න සංවේදීව සොයා බැලිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.
රජය විසින් අන්තවාදී යැයි පවසමින් තහනම් කළ සංවිධාන එම තහනමින් නැවත ඉවත් කිරීම පිළිබඳව රටේ ජනතාව දැනුවත් විය යුතු බවත් පාස්කු ප්‍රහාරයට ලක්ව අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. රණවිරුවන් දිවි පුදා රට
බේරාගනු ලැබුවේ අනාගත පරම්පරාවට නිදහසේ සාර්ථක ජීවිතයක් ගත කිරීමට වුවත් එම රණවිරුවන් කළ කැපවීමට සාධාරය ඉෂ්ට කිරීමට නායකයන් කටයුතු නොකළ බව ද ඒ මහතා පවසයි.
පවතින ආර්ථිකය තවදුරටත් දේශපාලනඥයන් විසින් විනාශ කළහොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඊට හිලව් කළ නොහැකි බවත්
පසුගිය මාස පහට රුපියල් බිලියන 500 ට වැඩි මුදලක් වැයකර මේ රටට ආහාර ගෙන්වීමට හැකිනම් රුපියල් බිලියන 10 ක් පමණ වැයකර මැතිවරණයක් පැවැත්වීමට රජයට බැරි කමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටතත් සඳහන් කළේය.
ප්‍රභාත් වනසිංහ – නාච්චාදූව