මැ.කො.ගේ මාධ්‍ය උපමාන

141

ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයින් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි හෙට පුවත්පත් වල පළ කළ හැකි බවත් එම පුවත් හෙට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමේදී සිරස්තල පමණක් ඉදිරිපත් කරනු හැර ප්‍රවෘත්තියට අදාල වෙනත් කිසිදු අදහසක් හෝ යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.එසේම අද පැවැත්වෙන අවසන් රැළි හෙට දිනයේ විද්‍යුත් මාධ්‍ය මගින් එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කරන ලෙසද ඉල්ලා සිටියි. 20 සහ 21 යන දෙදින පුවත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී කිසිදු දේශපාලන ප්‍රවෘත්තියක් හෝ අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ඉදිරිපත් කිරීමක් නොකරන ලෙසටද දැනුම්දී සිටියි.

මැ.කො.ගේ මාධ්‍ය උපමාන

advertistmentadvertistment