මුජිබර් කියන්නේ බොරු: ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 3050ක් ගෙනාවා

46

ඇමැති වසන්ත සමරසිංහ

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ලුණු මෙටි්‍රක් ටොන් 3,050ක තොගයක් ඊයේ (21 දා) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21දා) සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ගෙන්වන ලද ලුණු තොග පෞද්ගලික ආයතනයකට ලබා දුන් බවට විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ අසත්‍ය කරුණු යැයි ද කී ඇමැතිවරයා පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙටි්‍රක් ටොන් 2800ක් ඊට අයත් බව ද සඳහන් කළේය.

මෙරට මාසික ලුණු අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 15,000ක් වන බවත් වාර්ෂික අවශ්‍යතාව ලුණු මෙටි්‍රක්ටොන් එක්ලක්ෂ අසූදහසක් බවත් කී ඒ මහතා මේ වන විට වරායට ලුණු කන්ටේනර් 25ක් පැමිණ ඇති බවත් එබැවින් ලුණු හිඟය ආණ්ඩුව විසින් අවසන් කරන බවත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment