සෙල්ල කතරගම වල්ලි විහාරස්ථානය අසල පදිංචි පුද්ගලයකු 06 වැනිදා දහවල් මුහුණ සේදීමට මැණික් ගඟේ අතු ආරකට ගිය අවස්ථාවේ දී දැවැන්ත කිඹුළකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කරන ලද්දේ නිලුපුල් කුමාර නමැති අවුරුදු 44ක එක් දරුපියකි.
ඔහුගේ වම්අතට බරපතළ තුවාලසිදුව ඇත. මැණික් ගඟ ආශ්‍රිතව මොහු වගා කෙරටුවක් කර ගෙන ජීවත් වෙයි. වැඩිදුර ප්‍රතිකාර සඳහා මොහු හම්බන්තොට මූලික රෝහල වෙත මාරු කර ඇත. මේ වන විට කිඹුල්ලු 20කට වැඩි පිරිසක් කතරගම මැණික් ගඟ් සැරි සරමින් සිටිති.
කතරගම කේ. ඩී. දේවප්‍රිය