මෙවර නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය ‘ක්ෂුද්‍ර ආර් එන් ඒ’ අණුව සොයාගත් විද්‍යාඥයන්ට

147

මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන විද්‍යාඥයන් දෙපළක් වන වික්ටර් ඇම්බ්‍රෝස් හා ගැරි රුව්කුන් හට පිරිනැමීමට නොබෙල් කමිටුව විසින් තීරණය කර තිබේ. ‘ක්ෂුද්‍ර ආර් එන් ඒ’ අණුව හා ජාන නියාමනයේ එහි කාර්යභාරය සොයා ගැනීම වෙනුවෙන් එම විද්‍යාඥයන් දෙපළට මෙම නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය හිමිව ඇති වික්ටර් ඇම්බ්‍රට්ස් හට ක්ෂුද්‍ර ආර් එන් ඒ අණුව සොයා ගැනීම සම්බන්ධයෙන් හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ත්‍යාගයක් පිරිනමා තිබූ අතර ඔහු දැනට මැසචුසෙට්ස් වෛද්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාවන් පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. ඔහුගේ සගයා වන රුව්කුන් මැසචුසෙට්ස් මහ රෝහලේ හා හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ජාන විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.


advertistmentadvertistment