මෝදි සෙනසුරාදා තෙවැනි ධුර කාලය භාරගනී

172

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය තෙවැනි ධුර කාලය සදහා මෙම මස 08 වැනිදා සෙනසුරාදා දිවුරුම් දීමට නියමිත බව එරට මාධ්‍ය සඳහන් කරයි.සිය මැතිවරණ ජයග්‍රහනය සම්බන්ධයෙන් සුභ පැතුම් පණිවිඩ එවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයන් වෙතද සිය කෘතවේදී බව පළ කර තිබේ. ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව.සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment