යුක්‍රේන ධාන්‍ය ප්‍රවාහන නැව් දෙකකට රුසියානු මිසයිල ප්‍රහාර

238

දකුණුදිග යුක්‍රේනයේ ඔඩෙසා වරාය පරිශ්‍රයේදී සිය ධාන්‍ය අපනයනය කරන නෞකා දෙකකට රුසියාව ඊයේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රිල් සයිබිහා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔඩෙසා කලාපය බාර යුක්‍රේන ආණ්ඩුකාරවරයා සඳහන් කළේ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් වරාය සේවකයෙකු මියගිය අතර විදේශීය නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් 05දෙනෙකු තුවාල ලැබූ බවය.


advertistmentadvertistment