ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන වන සුවමඟ ඔස්සේ ප්‍රජා සුවසෙත සවිමත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරයි. වර්ෂ 2024 දී දියත් කරන ලද සුවමඟ වැඩසටහන, දේශය පුරා ව්‍යාප්ත ජවසම්පන්න නව ව්‍යාපෘතියක් වන‘Diabeater’ සමඟින් මේ වනවිට සිය ගමන් මඟෙහි තෙවැනි අදියරට පිවිස සිටියි.
අධ්‍යාපනය, ක්‍රියාත්මකවීම සහ ප්‍රජා සහයෝගීතාව ඔස්සේ දියවැඩියාවට එරෙහි සටනට මුළු මහත් දේශයම ඒකරාශී කරමින්, ‘දැියවැඩියා ප්‍රතිඥාව’ ලබා ගැනීම සඳහා Diabeater එකමුතුව මහජනතාවට ආරාධනා කරයි. යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සමාගමේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වය සහිතව මෙම එකමුතුව නිල වශයෙන් දියත් කරනු ලැබිණි.
Diabeater ක්‍රියාකාරිකයෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ සෞඛ්‍යය සහ සුවසෙත සඳහා සමස්ත වූත්, තෙවැදෑරුම් වූත් ප්‍රවේශයක් ලබාගැනීමය. ප්‍රථමයෙන්ම, සිය සෞඛ්‍යය හා සම්බන්ධ කටයුතු පාලනය කරගැනීම සඳහා අවශ්‍ය වන මෙවලම් සහ සම්පත්වලින් Diabeater ක්‍රියාකාරිකයින් සන්නද්ධ කෙරෙනු ඇත. දියවැඩියාව සාර්ථකව වැළැක්වීම හෝ පාලනය කළ හැකි දැනුවත් ජීවනරටා තෝරාගැනීම සඳහා මෙමඟින් සැවොම සවිබල ගැන්වෙයි. දෙවනුව, සිය ප්‍රජාවන් ඇතුළත දැනුවත්භාවය ඉහළ නංවමින්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවනරටාවන් පිළිබඳ සංවාද මතුකිරීමට සහ අන් අයට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් සැපයීමට සහභාගි වන්නන් යොමු කෙරෙයි. අවසාන වශයෙන්, සාමූහික වගකීම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් ඇති කරමින්, දියවැඩියාවට එරෙහි සටන සඳහා දේශය ඒකරාශී කිරීමට මෙම එකමුතුව ක්‍රියාත්මක වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප වටහාගෙන ඇති ආකාරයට, අපගේ වගකීම මූල්‍යමය රැකවරණය සැපයීමෙන් ඔබ්බට විහිද යන අතර, අපගේ ප්‍රජාවන්වල සමස්ත සුවසෙත සපුරාලීමත් එයට ඇතුළත් වෙනවා. Diabeater එකමුතුව මඟින් පිළිබිඹු වන්නේ, වැළැකීම සහ කල්තියා ක්‍රියාත්මක කළ හැකි සෞඛ්‍ය පුරුදුවලට හුරුවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන, ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සතුව පවතින දීර්ඝකාලීන කැපවීමයි. මේ නව වැඩසටහන හරහා මෙරට මුහුණ දී ඇති වඩාත්ම බරපතළ සෞඛ්‍ය තර්ජන අතරින් එකක් වන දියවැඩියාව ජයගැනීම සඳහා පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවන් ඒකරාශී කරන දීපව්‍යාප්ත ක්‍රියාකාරිත්වයකට මූලාරම්භයක් ලබාදීම අපගේ අරමුණයි. මෙය අදට පමණක් නෙවෙයි, අනාගත පරම්පරාවන් උදෙසාත් සුවසෙත සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පවතින ජයග්‍රාහී උරුමයක් නිර්මාණය කරන වැඩසටහනක්.”
යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් පළකළේ මෙසේය: “සියලු ප්‍රජාවන්ගේ ප්‍රගතිය සවිබල ගැන්වීමට මුළුමනින්ම කැපවී සිටින සමාගමක් වශයෙන්, ශ්‍රී ලංකාව පුරා දියවැඩියා ව්‍යාප්තිය පහත දැමීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින අපගේ වැඩසටහන්වල එක් කොටසක් ලෙස අපි සුවමඟ ආරම්භ කළා. දියවැඩියාව බොහෝවිට අවධානයට ලක් නොවන සෞඛ්‍ය ගැටලුවක් වුණත්, මෙරට ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් එහි බලපෑමට හසු වෙනවා. දැන්, Diabeater එකමුතුව හරහා මේ තත්ත්වය හා බැඳුණු අවදානම් අඩුකර ගැනීම සඳහා කල්තියා ක්‍රියාකාරී පියවර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට අපි ආරාධනා කරනවා. තමන්ගේ ප්‍රජාවන්ට සහයෝගය ලබාදෙමින්, දීර්ඝකාලීන ඵලදායී බලපෑමක් ඇතිකිරීමේ හැකියාව ඇති ජාතික මට්ටමේ එකමුතුවකට දායකත්වය ලබාදීම සඳහා සියලුදෙනා සවිබල ගැන්වීමටත් අපි කටයුතු කරනවා”.