යූනියන් ඇෂුවරන්ස් 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් ජීවිත රක්ෂණ සමාගම ලෙස කිරුළු දරයි

12

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා පැවැති ගෝලීය ව්‍යාපාර හා මූල්‍ය ෂඟරා සම්මාන උළෙලේදී (Global Business & Finance Magazine Awards) ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම සම්භාවනීය සම්මාන උළෙල මඟින් ලොව පුරා ව්‍යාපාර හා මූල්‍ය ක්ෂේත්‍රයන් තුළ ලබාගන්නා සුවිශේෂ ජයග්‍රහණ හඳුනා ගනිමින්, සිය කර්මාන්ත ක්ෂේත්‍රයන්ට කැපීපෙනෙන දායකත්වයන් සපයා ඇති පුද්ගලයින්, සමාගම් සහ සංවිධාන ඇගයීමට ලක්කරනු ලබයි. ඩිජිටල් පෙරළිය ඉදිරියට රැගෙන යෑම සම්බන්ධයෙන් යූනියන් ඇෂුවරන්ස් දක්වන ප්‍රමුඛ දායකත්වය සහ තාක්ෂණය හා පාරිභෝගික කේන්ද්‍රීය නව වැඩසටහන් ඔස්සේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසක් ඇතිකිරීම සඳහා සමාගම සතු කැපවීම මෙම සම්මානයෙන් විදහා දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ තාක්ෂණ නව්‍යකරණයන් සිදුකිරීම සම්බන්ධයෙන් දිගු කලක සිටම පෙරමුණ ගෙන සිටින යූනියන් ඇෂුවරන්ස්, සුවිශේෂ පාරිභෝගික අත්දැකීම් පිරිනමන විප්ලවීය නව වැඩසටහන් ඔස්සේ ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථාන සනිටුහන් කර ඇත. සමාගමේ දූරදර්ශී ප්‍රවේශය මඟින් තනි පුද්ගලයින් මෙන්ම ජන ප්‍රජාවන්ද සවිබල ගන්වමින්, දේශය පුරා රැකවරණය සම්බන්ධයෙන් පවතින හිඩැස පිරවීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “ගෝලීය ව්‍යාපාර හා මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන ලැබීමට හැකිවීම අපට සතුටක්. පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට තාක්ෂණය ඵලදායී අයුරින් යොදා ගැනීමට අප සතුව ඇති නොසැළෙන කැපවීම මේ ඇගයීම මඟින් තහවුරු වෙනවා. ජීවිත සුරකින අතරම සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා කැපවූ අපේ තිරසර මෙහෙවර පෙරදැරි කරගනිමින්, පහසුවෙන් ලබාගත හැකි සහ පාරිභෝගික කේන්ද්‍රීය සවිමත් සහ නව්‍යකරණයෙන් යුතු වටාපිටාවන් ඔස්සේ සුවිශේෂත්වයෙන් ඉහළම විසඳුම් සැපයීමට අප නිබඳව කැපවී සිටිනවා. අපේ ඉදිරි ගමන්මඟ පුරා අපේ විශේෂ අවධානය නොවෙනස්ව යොමුව පවතින්නේ සිය ජීවිතවල සෑම පැතිකඩකින්ම ජයග්‍රහණ ලබමින් ඉදිරියට යෑම සඳහා අපේ පාරිභෝගිකයින් සවිබල ගන්වන ඩිජිටල් පෙරළිය ඉහළ නංවන අතරම ජාත්‍යන්තර මට්ටමේ සේවාවන් පිරිනැමීම උදෙසායි”.


advertistmentadvertistment