යෝජිත විදුලි පනතට එරෙහිව අත්සන් ලක්ෂයක් ගැනීම කොළඹ කොටුවෙන් ඇරැඹෙයි

31

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ගැනීමේ වැඩසටහන ඊයේ (13දා) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ අසලදී ඇරඹිණි. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම පෙත්සමක් සකස් කර එය ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා වෙත යොමු කිරීමට නියමිතය. අද දිනයේදී අත්සන් ලබා ගැනීම නුගේගොඩ නගරයේදී සිදු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

යෝජිත විදුලි පනතට එරෙහිව අත්සන් ලක්ෂයක් ගැනීම කොළඹ කොටුවෙන් ඇරැඹෙයි

යෝජිත පනත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන එකක් බවත් එය රටේ ස්වාධිපත්‍ය බලයට හානියක් වන බවත් ධම්මික මහතා කීවේය. දැනට ක්‍රියාත්මක විදුලි බල පනත මගින් ගාස්තු අය කරන්නේ පිරිවැය මත පදනම්ව වුවත් යෝජිත නව පනත මගින් සමාගම්වලට සාධාරණ ලාභ ලබා ගැනීමේ හැකියාව ලබාදී ඇති බවත් එය විදුලි පාරිභෝගිකයන් ගසා කෑමට පාර කැපීමක් බවත් ඔහු කීවේය. දැනට ඇති විදුලි පාරිභෝගිකයන්ට අයත් රුපියල් බිලියන 14 කට ආසන්න තැන්පතු පොලිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව නව පනතේ කිසිම සඳහනක් නැතැයි ද සංජීව ධම්මික මහතා පැවසීය.

නව පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද තම සමිතිය මගින් සොයා බලන්නේ යැයි ද හෙතෙම කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment