රංගෙ බණ්ඩාරගේ මතය රජයේ මතය නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

85

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ අනිවාර්යයෙන් පැවැත්වෙනු ඇති බවත් එය කල් දැමීමට රජයේ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වී තිබෙන අතර එය රජයේද ස්ථාවරය යි.

ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනා ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබඳව ඕනෑම මතයක් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්වයන්ට හැකි බවත් එය ඒ අයගේ පෞද්ගලික මතය මිස රජයේ ස්ථාවරය නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව නිමල් ලාන්සා මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment