පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි

24

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පෙරේදා (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කරන ලදී.

ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම්වලදී ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි. පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා සේවා මුක්තභට සංගමයට අනුබද්ධිත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සංගම් 44 ක සාමාජික සාමාජිකාවන් පනස්දහසකගේ පමණ සුභසාධක කටයුතු සඳහා යොදවනු ලැබේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලු‍තිනන් කර්නල් අජිත්සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සැමරුම් කමිටුවේ සභාපති බි්‍රගේඩියර් හේමන්ත ලියනගේ, කමිටු සාමාජිකයන් වන මේජර් පී.එච්. විල්ටස් ද සිල්වා, කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, කේ.එච්.එන්. චන්දි හෙට්ටිආරච්චි, අයි.කේ.ඒ. රෝහණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment