බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් කිරීමට මුළු රටම ඩිජිටල්කරණය කළ යුතුයි

75

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දූෂණය වංචාව ඉයවහා ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරාකන අන්ත දූෂිත තත්ත්වයක් මතුව ඇති බවත්, වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යයෙන් මිය යන බවත් මෙවැනි සාපරාධී ක්‍රියා සිදුකරමින් මුදල් හම්බකරන

බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන්වීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් එය පාසල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, රාජ්‍ය පරිපාලනය තුළ අනිවාර්යයෙන් ඇතිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොඳින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත්, එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 13දා සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාර/ රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

දැනුම, කේන්ද්‍රීය ආර්ථිකය බිහිකරන වැදගත්ම සංධිස්ථානය වන ගමේ නගරයේ පාසල්වල ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැතිවීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වනවිට 32,000ක ගුරු හිඟයක් මෙන්ම උපකරණ හිඟයක් ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපන විප්ලවයක් ඇති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එහි දී ගමේ පාසලේත් අගනුවර පාසලේත් කිසිදු වෙනසක් නොතිබිය යුතු බවයි. එසේ වෙනස්කමක් සිදුවේ නම් එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මේ රට විනාශ වෙන්න ප්‍රධාන හේතු ලෙස හොරකම, අල්ලස, දූෂණය, වංචාව හා රාජ්‍ය දේපළ හා පොදු ජනතාවගේ සම්පත් අහිමි කිරීම බවත් මේ හොරකම වළක්වන්න නම් ඩිජිටල්කරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment