මහ පාරේ සිංදු කියා පවුල රකින මංජුලගේ හරි අපූරු පිංකම

821

නිට්ටඹුව නාපාගොඩ ප්‍රදේශයේ පදිංචි ක්‍රිශාන් මංජුල දෙදරු පියෙකි.

ආර්ථික අපහසුතා මැද සුළු රැකියාවෙන් ලැබෙන වැටුපෙන් ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන්

රැකියාවෙන් ඉඩක් ලැබෙන අවස්ථාවල දී නිට්ටඹුව නගරයට පැමිණ වීදි ගායනයේ යෙදී මුදල් ඉපයීම ට ඔහු පටන්ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදීය. නමුත් මීට මාස අටකට පමණ පෙර ඔහු

රැකියාව කළ පෞද්ගලික ආයතන වසා දැමීම හේතුවෙන් මේ වන විට ක්‍රිශාන් දිනපතා වීථි ගායනයේ නිරත වේ. බොහෝ දෙනා මෙම ගායකයාට මුදල් ලබා දීමට පසුබට වන්නේ නැත. ක්‍රිශාන් දින දෙකකට ඉහතදී නිට්ටඹුව නගරයෙන් වතුපිටිවල මූලික රෝහල ඉදිරිපිටට පැමිණ ගීත ගායනා කළ අතර එහිදී එම දිනයේදී පමණක් ඔහුට රුපියල් දාහත් දාහක මුදලක් ජනතාවගෙන් ලැබී ඇත.

සංවේදී හදවතක් ඇති ක්‍රිශාන් එම මුළු මුදලම වැය කරමින් වතුපිටිවල රෝහලේ අහිංසක රෝගීන් වෙනුවෙන් අවශ්‍ය රුධිර පීඩන මට්ටම පරීක්ෂා කරන උපකරණ කට්ටල දෙසීයක් වතුපිටිවල මූලික රෝහල වෙත ලබා දීමට ඉකුත් (28) දින කටයුතු කෙරිණි.

වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment