රජයේ දීමනා වෙනසක් නෑ

804


වකුගඩු රෝගීන්, ආබාධිත, අඩු ආදායම්ලාභී සහ වැඩිහිටි දීමනා පෙර පැවති පරිදිම ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම ගෙවිම් සිදුකිරීමට නියමිත වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්ල 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment