කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට

104

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානය මඟින් දිවයිනට පැමිණි පිරිසට කාන්තාවන් 53ක් හා පිරිමි පුද්ගලයෙක් අයත් වෙති.මොවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැඳී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment