ලිහාගත යුතුම අවුල

977

අප රට විදෙස් රටවලින් ගත් ණය සඳහා මෙම වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 6.8 ක් පමණ ගෙවිය යුතුය. එම මුදලින් මෙම 18 වැනිදා වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවිය යුතුව ඇත. එම මුදල ගෙවීමට සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රකාශ කර තිබිණි. එදිනට අදාළ වාරිකය ශී‍්‍ර ලංකාව විසින් ගෙවූවද අප හිරවී ඇති ණය උගුලෙන් ගැලවීම පහසු නැත. වසර දෙකක් තිස්සේ කොරෝනා වසංගතයෙන් අප රට බැටකද්දී අපට විදෙස් විනිමය ලබාදුන් ප‍්‍රධාන අංශ දෙකක් අඩපණ විය. අපේ රටේ ජනතාව විදේශවල රැකියා කරමින් උත්පාදනය කරන පේ‍්‍රෂණ මෙරටට නොලැබීම එක් හේතුවකි. අනෙක් ප‍්‍රධාන කාරණය වූයේ සංචාරක ව්‍යාපාරයෙන් අප රටට ලැබුණු ඩොලර් අහිමි වීමයි. මෙම දෙඅංශයම අද යාන්තමින් නැගීසිටිය ද එම නැගීසිටීම පවතින අර්බුදය විසඳා ගැනීමට ප‍්‍රමාණවත් නැත. එනිසා මේ මොහොතේ අපේ ආර්ථික දේහය ඔද්දැල් කර ඇති ඩොලර් සංචිත හිඟය පියවා ගැනීම සඳහා යම් සාධනීය පියවර නොගතහොත් ඉදිරියේදී මෙම අර්බුදය තවත් දරුණුවනු ඇත.

 චීනයේ විදේශ අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී මහතා  පසුගියදා දිවයිනට පැමිණි අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් කර තිබුණේ චීනයෙන් ලබාගත් ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබාදෙන ලෙසිනි. අප රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. රාජ්‍ය තාන්ති‍්‍රකව ගත් විට චීනය සෑම විටම ශී‍්‍ර ලංකාවට මිත‍්‍රශීලීව උපකාර කර ඇති නිසා ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. පවතින ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා චීනය සමග පමණක් නොව අනෙකුත් රාජ්‍යයන් සමග ද නොබැඳි පිළිවෙතක සිට කි‍්‍රයා කිරීමට රජය මේ මොහොතේ කල්පනා කළ යුතුය. ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කි‍්‍රයාවලියේ වාසිය අන් රටවලින්ද ලබාගැනීමට රජය උත්සාහ කළහොත් පවතින ආර්ථික අර්බුදය යම් සහනදායී පියවරක් වනු ඇත. නමුත් මෙය දීර්ඝකාලීන විසඳුමක් නොවන බව තේරුම්ගත යුතුය. එනිසා අපගේ ඩොලර් සංචිත ශක්තිමත් කිරීමට වහා පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා රටට හානිදායක නොවන ඍජු විදේශ ආයෝජන කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

 සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවූ ඞීසල්, දැවිතෙල් හා නැප්තා බලාගාරවලට ගත්තේ ණය පදනමිනි. මේ වනවිට එලෙස ලබාගෙන ඇති ඉන්ධන වෙනුවෙන් ලංවිම, තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 9000 කි.

 මේ තත්ත්වය හමුවේ මෙරට දෛනික විදුලි ඉල්ලූම සපුරාලීමට තරම් විදුලිබල ධාරිතාවක් විදුලිබල මණ්ඩලය සතුව නැත. මේ සියල්ලටම මුල ඩොලර් නොමැතිකමය. අර්බුදයට යම් යම් තාවකාලික විසඳුම් ලබාදී තිබුණත් ඉදිරි සති කිහිපයේදී බොර තෙල් ගල් අඟුරු හා පිරිපහදු කළ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයාගත නොහැකි වුවහොත් රට අඳුරට යන එක නියතයක් බව විදුලි ඉංජිනේරුවෝ පවසති.

 ඩොලර් හිඟය නිසා මේ වනවිට රට තුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇත. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩර්වලට විදේශ සමාගම් ඉදිරිපත් වී නැත. ඩොලර් සංචිත හිඟය නිසා ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලූ ඊට බලපා ඇත.

 අනෙක් අතින් මෙරට කි‍්‍රයාත්මක විදුලි බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල්, දැවිතෙල් හා නැප්තා වල බරපතළ හිඟයක් මතුව ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමුවේ බොර තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් නොමැති නිසාය.

 මෙම තත්ත්වය හමුවේ රට අඳුරේ නොතැබීමට නම් වහාම ඩොලර් සංචිත හිඟයට විසඳුම් සොයා ගත යුතුව ඇත.

 මේ වනවිට කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 ක් පමණ මේ වනවිට වරායේ හිරවී තිබෙන්නේ ද ඩොලර් මුදා නොහැරීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ ව්‍යාපාරික ප‍්‍රජාව පමණක් නොව

 පාරිභෝගිකයා ද දැඩි අසීරුතාවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. එනිසා වහා වහාම අපගේ ඩොලර් සංචිත නංවා ගැනීමේ උපාය උපක‍්‍රමවලට රජය යා යුතුව තිබේ. ඒ සඳහා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමෙන් මෙන්ම දේශීයව ගත හැකි උපායමාර්ගවලට  අනුගත වීමට ප‍්‍රමාද නොවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment