රජයේ ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට එකඟතාව පළකර ඇත.
ලෝක බැංකුවේ සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මුදල් ලංකාවට ලැබීමට නියමිතය.
ඒ අනුව එම මූල්‍ය පහසුකමට අදාළව ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළැඹීම සඳහා මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙය වසර දෙකක වැඩසටහනක් වන අතර එහි පළමු අදියර ගිය වසරේදී (2023) සාර්ථකව නිමකර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත