රණවිරු සැමරුම් උත්සවයට ජනපති පැමිණේ    

330

කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ඊට සහභාගීවීමට පැමිණියේය.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04 සිට පස්වරු 06දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වේ.

මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතය.


advertistmentadvertistment