අත්අඩංගුවට ගන්න එපා!
කැලණිය ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (28දා) ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු එම නියෝගය කළහ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් මේ වනවිටත් මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. ප්‍රසන්න රණවීර මහතා ද එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇතත් පදිංචි ස්ථාන අතහැර පලාගොස් සැඟව සිටීම නිසා ඔහුව මේ වනතුරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නොමැත.
ඒ.ජේ.ඒ. අබේනායක