රත්ගම ඛේදවාචකයක්: අනතුරු සංඥා ගණන් ගෙන නෑ

593

යතුරුපැදියේ ගිය තරුණයෝ තිදෙනා රුහුණු කුමාරිට බිලි

රත්ගම පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරි දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනකු ඊයේ (23දා) පස්වරුවේදී මියගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. රුහුණු කුමාරි දුම්රිය කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබී ඇත. මියගිය තරුණයන් තිදෙනා අනතුරු ඇඟවීමේ සංඥා පුවරු දැල්වෙමින් තිබියදී යතුරුපැදියකින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කොට ඇති බැව් පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ රත්ගම රෙජ්ජුපුර පදිංචි වයස අවුරුදු දහඅට, දහනමය වැනි වියේ පසුවන තරුණයන් තිදෙනකි. එක් තරුණයකු අනතුර වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනික් තරුණයන් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.

ලලිත් චාමින්ද සහ එස් කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment