රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු කීටයන් සොයාගත් ස්ථාන 28 ක් සඳහා මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් පවසන්නේ රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය බෝවන ස්ථාන 135 කට රතු නිවේදන ලබාදුන් බවයි.
2025 ජනවාරි මස සිට මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගීන් 1700ක් පමණ වාර්තා වී ඇති බවත්, ඉන් රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 515ක් පමණ වන බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි. රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 199 දෙනකු ඩෙංගු රෝගයට ලක්ව ඇතැයි ඵ් මහතා වැඩිදුරටත් පවසයි. මේ වන විට රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ මංමාවත්, සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂාවට ලක් කරන බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් යුද හමුදාව, ඩෙංගු මර්දන වැඩසටහන සඳහා පත් කර ඇතැයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
කහවත්ත – සමරවීර නිරෝෂන