රථය ඉස්සර කරන්න ඉඩ නුදුන්නැයි බිම වැටුණු යතුරුපැදිකරුට පොරොවකින් කොටා මරලා

1078

ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් අක්කර කාල්ගොඩ ප්‍රදේශයේදී ඉකුත් 30 වෙනිදා 67 හැවිරිදි පුද්ගලයකු පොරවකින් කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර, සාම මාවත, රණවිරු නිවාස පෙදෙසේ පදිංචි ජී. ලෙස්ලි ද සිල්වා (67) නමැති විවාහකයෙකි. ඔහු සිය යතුරුපැදියෙන් යමින් සිටියදී පිටුපසින් පැමිණි බොලෙරෝ වර්ගයේ කැබ්රථයක් යතුරුපැදියේ හැපී ඇත. ඒ අවස්ථාවේ කැබ්රථයේ සිටි රියදුරු වැටී සිටි යතුරුපැදිකරුට කැබ්රථයේ තිබූ පොරොවක් ගෙන කැබ්රථය ඉස්සර කිරීමට ඉඩ නොදුන්නේ යැයි පවසමින් දකුණු උරහිසට සහ වම් උරහිසට පොරොවෙන් කොටා තිබේ.

බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.

එම ප්‍රදේශයේම සැකකරු සහ ඔහුගේ කැබ්රථය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය තිස්සමහාරාම වැඩබලන මහෙස්ත්‍රාත් ක්‍රිශාන්ත අබේසිංහ මහතා විසින් පවත්වන ලදී. හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ආර්. ඒ. ප්‍රේමසිරි පෙරේරා මහතාගේ උපදෙස් පිට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුරසිරි ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment