අධිකරණයට අපහාස කිරීම යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති දෙවැනි නඩුවේ පැමිණිල්ල ලබන 25 වැනිදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය,එස්.තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් හමුවේ පැමිණිල්ල අද කැඳවනු ලැබීය.බන්ධනාගාර නිලධාරීන් විසින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.එහිදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඳ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ පැවසූවේ මෙම නඩුවට පාදක ප‍්‍රකාශය සම්බන්ධව තම සේවාදායකයා කොන්දේසි විරහිතව අධිකරණය හමුවේ කනගාටුව ප‍්‍රකාශකිරීමට බලාපොරොත්තුවන බවය.
|