හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන කාලය තුළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග අත්සන් කළ ගිවිසුම් තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටී.
රජය ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබාදෙන බවද යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (03දා) පැවැති හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඩසසස වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෝදි අගමැතිවරයා සමග අත්සන් කළ ගිවිසුම් කඩා නොදමා ඒවා තවදුරටත් ආරක්ෂා කරන ලෙස පෙරේදා (02දා) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවද අබේවර්ධන මහතා කීය.
අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මෝදි අගමැතිවරයා අද ලංකාවට පැමිණෙනවා. රටක් වශයෙන් දියුණු වෙන්න අවශ්‍ය නම් අපි ආසියාව සමග තරග කරන්න ඕනෑ. දැනට අත්සන් කර තිබෙන ගිවිසුම් කවුරුන් හෝ අවලංගු කළොත් ලෝකයේ කිසිම රටක් අපිව විශ්වාස කරන්නේ නැහැ. ජාත්‍යන්තරය අපි ගැන තිබූ විශ්වාසය මුළුමනින්ම බිඳවැටෙනවා. මෙය අපේ රටට ඉතා අහිතකර තත්ත්වයක්. බංකොලොත් වුණු රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විශාල කැපකිරීමක් කරලයි අද තියෙන තත්ත්වයට ගෙන ආවේ. මේ ගිවිසුම් අහෝසි වුණොත් අපිට ඩොලර් බිලියන 02ක් පමණ අහිමි වෙයි.
චමින්ද සිල්වා