රස්නය උහුලගන්න බැරිව පාකිස්තානයේ 450ක් මියයති

1

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි වීමෙන් පකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 450 දෙනකු ඉකුත් දින හතරක කාලයේ දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්තානයේ ක්‍රියාත්මක වන එඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරයේ මෘත ශරීරාගාරය වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ ද ඉකුත් සිකුරාදා සිට බදාදා දක්වා ගතවූ දින හයක කාලයේදී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment