කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු කටුනායකදී දැලේ

1169


කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලුම් මුදන්නායක පොලීසිය මඟහැර සිටි අයෙකු වන අතර ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (26) දින ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment