වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ කාන්තාවන් 04ක් ඇතුළු රැඳවියෝ 384ක් අද (12දා) නිදහස් කෙරෙති.
වැලිකඩ 40ක්, වාරියපොල 36ක්, මහර 30ක් ඇතුළු දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලින් ද මෙම පිරිස නිදහස් කෙරෙති. දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටින රැඳවියන්ගේ ගෙවමින් තිබෙන දඬුවමේ ශේෂය අහෝසි කිරීම, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම පිරිස නිදහස් කෙරෙනු ඇත.
මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම (OPEN VISIT) සඳහා අද සහ හෙට (12දා සහ 13දා) විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත්,එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සල්, රසකැවිලි, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියකුට ප්‍රමාණවත් ලෙස ලබාදීමේ හැකියාව පවතින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
චමින්ද සිල්වා