ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී හයේ පහර 6ක් එල්ල කරමින් නව එල්.පී.එල්. වාර්තාවක් පිහිටුවීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කරන රියාන් පරාග් සමත්විය. ඒ කොල්කටා නයිට්රයිඩර්ස් සමග පැවැති තරගයේදී මොයින් අලී ක්‍රියාත්මක කළ රාජස්ථාන් ඉනිමේ 12 වන පන්දු වාරයේ අවසන් පන්දු 5දී හයේ පහර 5ක් සහ 13 වන පන්දු වාරයේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදී ද හයේ පහරක් එල්ල කරමිනි.
කෙසේ වුවද තියුණු තරගයකින් අනතුරුව ලකුණු 1ක ජයක් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට හිමිවිය. පෙරේදා (04 දා) දිනයේ පළමු තරගය ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්විය. ලකුණු 207ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 205ක් වීම හේතුවෙන් ලකුණු 1ක තියුණු ජයක් කොල්කටා කණ්ඩායමට හිමිවිය.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඇන්ඩි්‍ර රසල් ලකුණු 57ක්, අංග්ක්‍රිෂ් රගුවංශි ලකුණු 44ක්, රහමනුල්හ් ගුරුබාස් ලකුණු 35ක් සහ ආජින්කෙයා රහානි ලකුණු 30ක් ලැබීය. පන්දු යැවීමේදී ජොෆ්ර ආචර්, යුද්වීර් සිංග්, මහීෂ් තීක්‍ෂණ සහ රියාන් පරාග් 1 කඩුල්ල බැගින් බිඳහෙළීය.
රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රියාන් පරාග් ලකුණු 95ක්, යසස්වි ජස්වාල් ලකුණු 34ක්, ෂිම්රන් හිට්මයර් ලකුණු 29ක් සහ ශුබාම් ඩූබේ ලකුණු 25ක් ලැබීය. පන්දු යැවීමේදී මොයින් අලී ලකුණු 43කට කඩුලු 2ක්, හර්ෂිත් රණා ලකුණු 41කට කඩුලු 2ක් සහ වරුන් චක්‍රවර්ති ලකුණු 32කට කඩුලු 2ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස ඇන්ඩි්‍ර රසල් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්