රුසියාවේ ”ඩගෙස්ටාන් ” පළාතට අයත් නගර දෙකක පිහිටි පල්ලි .පොලිස් ස්ථාන හා යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ (23දා ) එල්ල වූ දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 15දෙනෙකු සහ සිවිල් වැසියන් ගණනාවක් මරුමුවට පත්ව ඇති අතර එහිදී එල්ල වූ ප්‍රතිප්‍රහාරයන් හේතුවෙන් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් හයදෙනෙකු මියගොස් තිබේ .
ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්ව ඇති ”ඩගෙස්ටාන් ” පළාතේ පිහිටි ”ඩර් බෙන්ට් ” හා ”මැක්හච්කළා ” යන නගරවල පිහිටි මධ්‍යස්ථානවලට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි . මෙම සිද්ධියෙන් මියගිය හා තුවාල . වුවන්ගේ සංඛ්‍යාව රුසියානු බලධාරීන් විසින් නිශ්චිතව හෙළිදරව් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි . මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිස අතර ඩර් බෙන්ට් නගරයේ වසර 40ක පමණ කාලයක් සේවය කර ඇති පුජකවරයෙකුද සිටින බව වාර් තා වී තිබේ ,