සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දිනයේදීද ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි.
අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ විධායක කමිටු සාමාජික තාරක කුමාරසිංහ මහතා පවසයි.