මුම්බායි – පූනේ අධිවේගී මාර්ගයේ වේග සීමා කඩ කරමින් පැයට කිලෝමීටර් 225 ක වේගයෙන් රිය පැදවූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට අවවාද කර දඩ පැනවීමට ඉන්දීය පොලිසිය ඊයේ (19 වැනිදා) කටයුතු කර ඇත. බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයට සහභාගි වීම සඳහා කණ්ඩායමේ බස් රථයට එකතු වීමේ අරමුණෙන් තමන් එතරම් වේගයෙන් රිය පැදවූ බව ශර්මා පොලිසිය හමුවේ පවසා තිබේ. ශර්මා තමාට අයත් ලැම්බෝගිනි රථයෙන් මෙසේ අධික වේගයෙන් ගමන් කරද්දී පොලිසිය වාහනය නතර කර පරීක්ෂා කර තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව් වන ස්ථානයේ පසුවන ඉන්දීය නායකයා එහිදී ලකුණු 217 ක් ලබා ඇති අතර ලෝක කුසලාන තරගාවලිවල වැඩිම ශතක ලාභියා ද ශර්මා වේ.