ප්‍රියල් සිල්වා / නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්)ලංකා බැංකුව
ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව, ලංකා බැංකුව, 2025 අලුත් අවුරුදු සමයේ දී රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සමත් විය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් ලංකා බැංකුවේ පුළුල් සේවා ජාලය කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය මෙන් ම උත්සව සමයේ දී සිය ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා සැපයීමට ලංකා බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.
2025 අප්‍රේල් 1 වන දින සිට 15 වන දින දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3,236,318 ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 13.57 කි. එමෙන් ම අදාළ කල සීමාව තුළ ලංකා බංකුවේ 568ක් වූ ATM ජාලය හා 932 ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9,173,642ක වටිනාකම රුපියල් බිලියන 211.97 ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 අප්‍රේල් 7 වන දින සිට 12 වන දින දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961,966ක මුළු වටිනාකම රුපියල් බිලියන 440.48කි. එමෙන් ම මෙම කාර්ය බහුල කාලය තුළ ගනුදෙනුකරුවන්ට අමතර පහසුවක් ලබා දීම සඳහා තෝරා ගත් ලංකා බැංකු ශාඛා අප්‍රේල් 12 වන දින (නිවාඩු දිනයකි) පවා විවෘතව පැවතීම විශේෂත්වයකි.
“ලංකා බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ දිවයින පුරා ව්‍යාප්තිය නිසා ම ඩිජිටල් සහ භෞතික යන ක්‍රමවේද ද්විත්වය හරහා ගනුදෙනු පරිමාව කළමනාකරණය කරමින් ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී මෙන් ම කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ හැකියාව තිබෙනවා.” යනුවෙන් මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා පැවසීය. “මෙම උත්සව සමයේ දී අප සමඟ බැංකු ගනුදෙනු සිදු කිරීම මෙන් ම ඔවුන්ගේ විශ්වසනීය බැංකු සහකරු ලෙස ලංකා බැංකුව තෝරා ගැනීම පිළිබඳ ව සියලු ම ගනුදෙනුකරුවන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් සිල්වා මහතා පැවසුවේය.