ලක්‍ෂ 80 ක් වටිනා වාහන 11 ක් ගම්පහින් ඉස්සූ නමගිය සොර කල්ලියේ 5ක් අත්අඩංගුවට

251

උස්සපු වාහන දොම්පේදී මස්කර අමතර කොටස්වලට විකුණලා

සොරාගත් වාහනවල අංක තහඩු නිවස පිටුපස වළදමලා

යක්කල, වැලිවේරිය, සපුස්කන්ද, නවගමුව, කැලණිය, ගම්පහ හා නිට්ටඹුව යන පොලිස් වසම්වලින් රුපියල් ලක්‍ෂ 80ක් වටිනා ත්‍රිරෝද රථ 6ක් හා යතුරුපැදි 5ක් සොරකම් කරන ලද නමගිය සොර කල්ලියක පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සමත්වුහ.

ඉකුත් 02 වැනිදා බැලුම්මහර හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝදයක් සොරකම් කර රැගෙන යෑමේදී අයිතිකරු විසින් යක්කල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අතුල ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කෙරිණි.

ලක්‍ෂ 80 ක් වටිනා වාහන 11 ක් ගම්පහින් ඉස්සූ නමගිය සොර කල්ලියේ 5ක් අත්අඩංගුවට

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සී.සී.ටී.වී. කැමරා ඔස්සේ පරීක්‍ෂා කර දෙමළගම නුගදෙණියේදී ඔවුන්ගෙන් එක් අයෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5300ක්ද සොයාගෙන ඇත.

සැකකරුගෙන් කරන ලද විමර්ශනවලදී යක්කලින් සහ වැලිවේරියෙන් සොරකම් කරන ලද ත්‍රිරෝදයක් සහ යතුරුපැදියක් පිළිබඳ අනාවරණය කරගෙන ඇත.

බැලුම්මහර හන්දියේදී සොරකම් කළ ත්‍රිරෝදය වැලිවේරියේ අමතර කොටස් අලෙවි සැලක්ද සහිත ගරාජයකට රුපියල් ලක්‍ෂයකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සොරාගත් ත්‍රිරෝදය ළඟ තබාගත් වරදට ගරාජයේ හිමිකරු සහ අමතර කොටස් අලෙවිකරු අත්අඩංගුවට නෙ ඇත.

ලක්‍ෂ 80 ක් වටිනා වාහන 11 ක් ගම්පහින් ඉස්සූ නමගිය සොර කල්ලියේ 5ක් අත්අඩංගුවට

මෙහිදී තවදුරටත් විමර්ශනය කිරීමේදී යතුරුපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු දෙමළගමදී අත්අඩංගුවට ගත් අතර බැලුම්මහරේදී ත්‍රිරෝද රථය සොරකම් කිරීමට පැමිණි යතුරුපැදිය හා ඔහුගේ පිටේ තිබූ බෑගයේ තිබී මෙරට නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් සහ තියුණු පිහියක් පොලිස් භාරයට ගෙන ඇත.

ඔහුගෙන් කරන ලද විමර්ශනවලදී ත්‍රිරෝද රථ 3ක්ද, යක්කලින් සොරා ගන්නා ලද යතුරුපැදියක්ද සොයාගෙන ඇත. මෙම සැකකරුගේ නිවස පිටුපස ගෙවත්තේ වළදමා තිබී වාහන අංක තහඩු රාශියක්ද සොයාගෙන ඇත.

සොරාගන්නා ලද වාහන දොම්පේදී මස්කර ඒවා වැලිවේරිය ප්‍රදේශයේ ගරාජයකට රැගෙනවිත් අමතර කොටස් ලෙස අලෙවි කර ඇති බව පොලිසිය කියයි.

දෙල්ගොඩ පහන්වල පදිංචි තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු සොරාගත් ත්‍රිරෝද දෙකක්ද සොයගෙන ඇත. යුක්තිය මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදු කෙරිණි.

යක්කල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප්‍රභාෂ්වර, උ.පො.ප. අජිතනන්ද, පො.සැ. වරුන් වන බාලසූරිය (47826), හිරංග (67767), පො.කො. වරුන් වන රණසිංහ (68536), ගයාන් (77930), බෝපෙගෙදර (89116), ප්‍රදීප් (25337), කා.පො.කො. ගයනි (6811) යන නිලධාරීන් වැටලීමට එක්විය.

ගම්පහ සමූහ – සුසිල් රණමුක


advertistmentadvertistment