ගොවියන් 41,402ක් දුකේ දමා කුඹුරු අක්කර ලක්‍ෂ 4ක් නියඟයෙන් වේළෙයි

128

පවතින නියඟයෙන් මේ වන විට වගා හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904,54 ක් බවත් වගා හානිවලට ගොදුරුව සිටින ගොවීන් ගණන 41,402ක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (22දා) නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉන් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයේ වගා හානියට ලක්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 23,286කි. හානියට පත් ගොවීන් ගණන 27,904 දක්වා ඉහළ ගොස් ඇත. දෙවන ස්ථානයට උඩවලව කලාපයේ වගා හානි වාර්තා වන අතර එය අක්කර 14,667.5කි. වගා හානියට ලක් වූ ගොවීන් ගණන 5867 කි.

මෙම වගා හානි සිදු වූ ප්‍රමාණ පිළිබඳව දෛනික වාර්තාව ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එම මණ්ඩලය විසින් ලබා දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment