පැටියා කනෙන් කෑල්ලකුත්  කඩන් පැනලා ගිහින්

780

රන්බණ්ඩා හොඳ ගොවියෙකි. ගණ කැලෑවක්ව තිබූ යක්කිලි ඕවිට එකම ගොවිබිමක් බවට පත්කළ පසු රන්බණ්ඩාගේ අතමිට සරුව ගියේ මේ දිනවල එළවළු, අන්නාසි, කෙසෙල්වලට පවා හොඳ මිලක් වැටෙන නිසාය.

රන්බණ්ඩා මීට සති කිහිපයකට උඩදී උදෙන්ම ගොවි බිමට ගියේ හේනේ බුලත් කොරටුවට දිය දැමීමටය. ළිඳ ඇතුළේ සතෙකි. හනි හනික සතා ගොඩ ගන්නට ඔහු කටයුතු කළේ ඒ නරි පැටවකු බව හඳුනාගත් පසුවය.

හරි අපූරු සුරතල් පැටියා දුටු ඔහුට ඌ ගැන ආදරක් ඇති විය. පැටවා රැුගෙන ඔහු නිවසට විත් කාමරයට දමා ජනේලයත් දොරත් වසා දමා කූඩයක් තනා දැම්මේය.

දින සති බවට පෙරළී ගියේ කිරි බී පොඩි පැටියා තරමක් ලොකු වන අතරය.

පෙරේදා දිනයේ පැටියා අතට ගත් ඔහු කාමරයට වැදී ඌ හුරතල් කරන්නට ගත්තේ සවස් යාමයේය.

මෙතෙක් කලක් දරු පැටවකු සේ හීලෑ වී සිටි පැටියා පළමු වතාවට හූ තබන්නට ගත්තේ ජන්ම ගති පෙන්වමිනි. ගතවූයේ නිමේෂයකි. ගේ වටකරගත් නරි රංචුවක්ද හූ තබන්නට ගත්තේ මුළු ප‍්‍රදේශයම දෙවනත් කරවමිනි.

රන්බණ්ඩාගේ ඔඩොක්කුවේ හුරතල් වෙමින් උන් සුරතල් නරි පැටියා එසැණින් රන්බණ්ඩාගේ දකුණු කනෙන් කොටසක් කඩාගෙන් කාමරයෙන් එළියට පැන නරි ?නට එක්විය.

‘‘නරි නරිමය. කිරි දී හදාවඩා ගත්තත් උන්ගේ ගති වෙනස් වෙන්නේ නෑ දොස්තර මහත්තයා” හන්දියේ ඩිස්පැන්සරියට ආ රන්බණ්ඩා එසේ කීවේ ආරේ ගුණ නෑරේද කියමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment