පසුගිය සතියේදී ඝාතනයට ලක්වූ ලිබියාවේ සන්නද්ධ කණ්ඩායමක නායකයා යටතේ පාලනය වූ ටි්‍රපොලි අගනුවර පිහිටි රෝහලක් තුළ තිබී හඳුනානොගත් මළ සිරුරු 58ක් සොයා ගැනුණු බව ලිබියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි. ටි්‍රපොලි නගරයේ අබුසලීම් ප්‍රදේශයේ පිහිටි අබුසලීම් හදිසි අනතුරු රෝහල් මෘතශරීරාගාරයේ ශීතකරණයක් තුළ තැන්පත් කර තිබී අදාළ මළ සිරුරු සොයාගෙන තිබේ.
අබුසලීම් රෝහල විසින් සිදු කරන ලද දැනුම් දීමක් මත ලිබියානු බලධාරීන් විසින් අදාළ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. කලකට පෙර මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් 58 දෙනාගේ මළ සිරුරුවල අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ලිබියානු බලධාරීන් විසින් විමර්ශනයක් දියත් කර තිබෙන අතර අදාළ මෘත ශරීර හඳුනාගැනීම සඳහා මහජන සහය ලබා ගැනීමේ අරමුණින් එම සිරුරුවල ඡායාරූප සිය වෙබ් අඩවියෙහි පළ කිරීමට ලිබියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් පියවර ගෙන තිබේ.