රෝහල් සෝපානයක පැය 42ක් සිරවී සිටි පුද්ගලයකු ගැන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවේ.
55 හැවිරිදි රවින්ද්‍රන් නායර් වෛද්‍යවරයකු හමුවීම සඳහා රෝහලට ගොස් ඉහළ මහලයට යෑම සඳහා සෝපානයට නැග්ගේ සෙනසුරාදා දහවල් කාලයේය. නමුත් සදුඳා පෙරවරුවේ සෝපාන ක්‍රියාකරුවෙක් ඔහු සොයා ගන්නා තෙක් ඔහු සිරවී සිටියේය. මේ වනවිට විජලනය හා කොන්දේ ආබාධයට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ සිද්ධිය නිසා කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිවරයා රවින්ද්‍රන් අමතා සමාව ඉල්ලා ඇත. රෝහල් කාර්මික ශිල්පීන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
චතුර පමුණුව