රටේ උද්ගත වී තිබෙන ලුණු හිඟය මුවාවෙන් වැඩිමිලට විකිණීම සඳහා ලුණු ගබඩාකර සඟවාගෙන සිටින ව්‍යාපාරිකයන් පිළිබඳව තොරතුරු ඇත්නම් පාරිභෝගික අධිකාරියට වහා දැනුම්දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා කීවේ ඇතැම් වෙළෙඳුන් ලුණු හිතූ හිතූ මිලට අලෙවි කරන බවට තොරතුරු ලැබුණත් ඒ පිළිබඳව වැටලීම් සිදුකිරීමට නොහැකි වී ඇත්තේ ලුණුවලට පාලන මිලක් නියම නොකිරීම නිසා බවය.
එහෙත් ලුණු වැඩිමිලට විකිණීමේ අරමුණ ඇතිව කිසියම් ව්‍යාපාරිකයකු එම ලුණු ගබඩාකර ඇති බවට තොරතුරු ලැබුණහොත් නොපමාව ඒ පිළිබඳව වැටලීම් සිදුකරන බවත් ඔහු කීවේය.
නෝමන් පලිහවඩන